ඔස්ට්‍රෙිලියානු දෛනික ආසාදිතයින් ඉහළට....

අගෝ 25, 2021

    ඔස්ට්‍රෙිලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සිඩ්නි අගනුවරින් හඳුනාගැනෙන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

    සිඩ්නි නගරය මාස දෙකක කාලයක් අගුලු දමා තිබියදීත් ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ ව්‍යාප්තිය හේතුවෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඉකුත් පැය 24 තුළදී නව ආසාදිතයින් 919 දෙනෙකු හඳුනාගැනුණු බවට ඔස්ට්‍රෙිලියානු සෞඛ්‍ය අංශ පවසා ඇත. එරට රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇතැම් අංශ මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී ඇත. එබැවින්, රෝහල් ගතවීමේ සංඛ්‍යාව අවම කිරීම සඳහා කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙස මෙතෙක් එන්නත් නොලද ජනතාවගෙන් එරට බලධාරින් ඉල්ලා ඇත.

    ඔස්ට්‍රෙිලියාවේ සමාජ දුරස්ථකරණ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීම සඳහා මේ වන විට පොලිසිය ද යොදවා ඇත.  මේ අතර,  ඔස්ට්‍රෙිලියානු රජය පවසන්නේ එරට වසය අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් 70% ක පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමේ ඉලක්කයට ලඟා වූ පසුව දැඩි සීමා ලිහිල් කරන බවයි.

    Latest News