එරටින් නව ආසාදිතයින් 62 ක් අද හඳුනාගෙන ඇත. ඉන් වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් "ඕක්ලන්ඩ්" නගරයෙන් වාර්තා වූ බව එරට සෞඛ්‍ය අංශ පවසා ඇත. ඒ අනුව එරටින් හඳුනාගැනුනු නව කොවිඩ් පොකුරෙහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද වන විට 210 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, එරට මිලියන 05 ක් වූ ජනගහනයෙන් 26% ක පිරිසක් පමණක් මේ වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර අති බවට විදෙස් වාර්තා සඳහන් කර ඇත.