ඉන්දියාවෙන් දින 160කට පසු අඩුම කොවිඩ් ආසාදිතයන් ඊයේ....

අගෝ 23, 2021

    ඉන්දියාවෙන් දින 160කට පසු අඩුම කොවිඩ් ආසාදිතයන් ඊයේ වාර්තා විය.

    එය 25,420ක්. මරණ සංඛ්‍යාව 385ක්. කොවිඩ් වසංගතය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයට පනවා තිබූ සීමා ලිහිල් කර තිබේ. ඒ අනුව, මෙතෙක් වසා තිබූ සිනමා ශාලාවල ධාරිතාවෙන් 50%ක පිරිසක් ඇතුළු කර ගැනීමට රජය අවසර ලබාදුන්නේය. තමිල්නාඩුවේ ව්‍යාපාරික කටයුතු සඳහා ද පනවා තිබූ සීමා ඉවත් කෙරිණ. තමිල්නාඩුව හා කර්නාටක ප්‍රාන්ත අතර, ප්‍රවාහන සේවා ද අද රාත්‍රී සිට යළි ක්‍රියාත්මකයි.

    මේ අතර, කේරළ ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි විසිහතර ලක්‍ෂ 48,969ක්. මරණ සංඛ්‍යාව හාර ලක්‍ෂ 34,784ක්.

    Latest News