ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති අඟුලු දැමීමේ ක්‍රියාවලියට විරෝධය

අගෝ 23, 2021

    කොවිඩ් වසංගතය පාලනය සඳහා ඕස්ට්‍රේලියානු රජය පනවා ඇති අඟුලු දැමීමේ ක්‍රියාවලියට විරෝධය පළ කරමින් මෙල්බන් නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණ.

    එහිදී ඇතිවු ගැටුම්වලින් ආරක්‍ෂක නිලධාරින් 21කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඕස්ට්‍රේලියාවේ මිලියන 5කට අධික ජනතාවක් වෙසෙන සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක කොරෝනා රෝගීන්ගේ ශීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි.

    ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමත් සමඟ රෝගය තවදුරටත් පාලනය කිරීමට නොහැකි බව එරට සෞඛ්‍ය අංශ පවසයි. රෝග පැතිරීම වේගවත්වීමට මූලික හේතුව ලෙස සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මන්දගාමී එන්නත්කරණයයි.

    ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට ආසාදිතයින් 44,028ක් වාර්තා වන අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 981ක්. ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 909 දෙනෙකු හමුවූ අතර, මරණ තුනක් සිදුව තිබේ.

    Latest News