ඊයේ ලොව වැඩිම ආසාදිතයින් අමෙරිකාවෙන්....

අගෝ 22, 2021

    අමෙරිකාවෙන් ඊයේ ලොව වැඩිම දෛනික කෙරෝනා ආසාදිතයන් පිරිස හඳුනාගැනුනා.

    එම සංඛ්‍යාව 90,782 ක්.  මේ වන විට එරට කොරෝනා වෛරස ව්‍යාප්තිය ශීඝ්‍ර ඉහළයෑමක් පෙන්නුම් කරයි. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ඇති බවට වාර්තා වේ.  ඒ අනුව ලක්ෂ 30 කට අධික ආසාදිතයන් හඳුනා ගැනුණු එරට තෙවන ප්‍රාන්තය වන්නේ ෆ්ලොරීඩාවයි.

    අමෙරිකානු ජනතාව කොරෝනා වෛරසයට එරෙහිව අයිවර්මැක්ටීන් නැමති ඖෂධයක් ලබාගන්න බව ද වාර්තා වේ. අශ්වයන් සඳහා ලබාදෙන මෙම ඖෂධය කොරෝනා වෛරසයට එරෙහිව ලබාගැනීම වහාම නතර කරන්නැයි, එරට ආහාර හා ඖෂධ නියාමන ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම ඖෂධය ලබාගත් බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.

    ඔස්ට්‍රෙිලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ කෙරෝනා ආසාදිතයන් 830 දෙනෙකු හඳුනාගෙන ඇත. වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ප්‍රාන්තයෙන් හඳනාගැනුනු වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මෙය වේ. වෛරස ව්‍යාප්ති පාලනයට ප්‍රාන්තයට සංචරණ සීමා ද පනවා ඇත. ඊට එරෙහිව විරෝධතා ද පැවති අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ද ඇතිවූ බවට වාර්තා වී ඇත.

    Latest News