ඇෆ්ගනිස්තානයට IS ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක්

අගෝ 22, 2021

    ඇෆ්ගනිස්තානයට අයි එස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බව, අමෙරිකාව පවසයි.

    එබැවින් සියලු පුරවැසියන්ට කාබුල් ගුවන් තොටුපලට පැමිණිමෙන් වලකින ලෙස, අමෙරිකානු රජය නිවේදනය කර තිබේ. තලේබාන් පාලනය ආරම්භ වීමත් සමඟ ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට විශාල පිරිසක් උත්සාහ දරමින් සිටී.

    කාබුල් ගුවන් ‍තොටුපලට පැමිණෙමින් සිටින පිරිස් පාලනය කරගැනීම ඉතා අපහසු වී ති‍බේ. ඔවුන් පාලනය කරගැනීමට ඇතැම් විට අහසට වෙඩි තැබීමට පවා සිදුව ඇති බව වාර්තාවේ. 
    මේ අතර ඇෆ්ගනිස්තානයේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ද පවතී. තලේබාන් විරෝධි හමුදා එරට උතුරු ප්‍රදේශයේ දිස්ත්‍රික්ක තුනක බලය තහවුරු කරගෙන තිබේ.

    Latest News