ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ බරපතල තර්ජනයක්.....

අගෝ 22, 2021

    ඉතිහාසයේ ප්‍රථම වතාවට ග්‍රීන්ලන්තයේ ඉහළම ස්ථානයට වර්ෂා ලැබී තිබේ.

    මේ සමඟ ගෝලීය උණුසුම ඉහළයාම පිළිබඳ බරපතල තර්ජනයක් මතුවී ඇති බව විද්‍යාඥයින් අනතුරු අඟවයි. 1950 දී ග්‍රීන්ලන්තයේ දත්ත වාර්තා කිරීම ආරම්භ කිරීමෙන් පසු එම ප්‍රදේශයට වර්ෂාව ලැබුණු පළමු අවස්ථාව මෙය බව පරිසර විද්‍යාඥයින් පසුගියදා සඳහන් කළේය.

    වර්ෂාවත් සමඟ අයිස් සහ හිම ටොන් මිලියන ගණනක් දියවී ඇති බව වාර්තාවේ. ඉතිහාසයේ කිසිම දිනක ග්‍රීන්ලන්තයේ උෂ්ණත්වය, අයිස් මිදෙන උෂ්ණත්වයෙන් ඉහළට පැමිණිමක් වාර්තා වී නොමැත.

    මෙය සමස්ත මානව වර්ගයාටම එල්ල කෙරුණු අතිශය දරුණු අනතුරු ඇඟවීමක් බව විද්‍යාඥයින් පවසයි. ලොව රාජ්‍ය නායකයන් ප්‍රමුඛව සියලු පුරවැසියන් තමාට හැකි උපරිමයෙන් ගෝලීය උණුසුම ඉහළයාම පාලනයට කටයුතු කළ යුතු බව, විද්‍යාඥයින් අවධාරණය කරයි.

    Last modified on ඉරිදා, 22 අගෝස්තු 2021 13:07

    Latest News