ඔස්ට්‍රෙිලියාවේ ඇඳිරිනීතියට එරෙහිව උද්ඝෝෂණ

අගෝ 21, 2021

    ඔස්ට්‍රෙිලියාවේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට එරෙහිව ප්‍රදේශ රැසක උද්ඝෝෂණ පැවැත්වේ.

    අද දිනයේත් සිඩ්නි නගරයේ පැවැති විරෝධතා අතරතුර පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර ගැටුම් හටගෙන ඇත. එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා විය. එම සංඛ්‍යාව 894 කි.

    ඔස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර සැලකෙන්නේ එරට ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාමේ අපකේන්ද්‍රය ලෙසයි. එසේ තිබියදීත් එරට බොහෝ දෙනා රට වසා දැමීමට විරුද්ධව විශාල ලෙස උද්ඝෝෂණ සිදුකරමින් සිටිති.

    මෙල්බර්න් සහ බ්‍රිස්බේන් යන නගරවල අති විශාල පිරිසක් ඇඳිරි නීතිය පැනවීමට එරෙහිව උද්ඝෝෂණවල නිරත විය. උද්ඝෝෂකයින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් බොහෝ පිරිසකට ඩොලර් හාරදහසකට ආසන්න දඩ මුදලක් බැගින් පනවා ඇති බවට වාර්තා වේ.

    Latest News