ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය 40%කින් අඩු කරයි

අගෝ 21, 2021

    ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ජපානයේ ටොයෝටා සමාගම වාහන නිෂ්පාදනය 40%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

    සමාගම මෙම තීරණයට පැමිණ ඇත්තේ, වාහන නිෂ්පාදනයට අවශ්‍ය පරිගණක උපාංග හිඟය හේතුවෙන්.

    ගෝලීය වශයෙන් විවිධ තාක්ෂණික උපකරණ නිෂ්පාදනයේ මන්දගාමී තත්වයට පවතින කොරෝනා වසංගතය බලපා තිබේ. මේ නිසා මෝටර් රථවලට යෙදෙන මයික්‍රෝ චිප් වර්ග වල හිඟයක් ගෝලීය වශයෙන් පවතියි.

    මයික්‍රෝ චිප් හිඟය හේතුවෙන් ලබන මාසයේ දී මෝටර් රථ නිෂ්පාදනය අඩුකිරීමටයි, ටොයෝටා සමාගම තීරණය කර තිබෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 21 අගෝස්තු 2021 13:09

    Latest News