ඊයේ වැඩිම ආසාදිතයින් ඉරානයෙන්

අගෝ 09, 2021

    කොරෝනා වෛරසය හඳුනාගෙන දැනට වසර එක හමාරකට වැඩි කාලයක් ගතවී තිබේ.

    රටවල් කිහිපයක් පමණක් වෛරසය පාලනය කිරීමට සමත්ව සිටින අතර රටවල් රැසකින් වෛරස ආසාදිතයන් හමුවීම යළි ඉහළ යමින් පවතියි.

    ඊයේ වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ ඉරානයෙන්. එම අගය හතළිස් දහසක් පමණ වෙයි. අමෙරිකානු සම්බාධක හමුවේ දැඩි ආර්ථික බලපෑමකට ලක්ව සිටින ඉරානය වෛරස ව්‍යාප්තිය හමුවේ ද දැඩි අසීරුතාවකට පත්ව සිටියි. ඉරානයෙන් කොරෝනා ආසාදිතයන් හතළිස් එක් ලක්ෂයකට අධික පිරිසක් හමුවී ඇති අතර මරණ සංඛ්‍යාව 94,000කට අධිකයි.

    ඉන්දියාවෙන් ද ඊයේ තිස් හය දහසකට අධික කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනිණ. එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්කෝටි විසි ලක්ෂයකට ආසන්නයි. ඉන්දියාවේ ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 447ක්.

    Last modified on සදුදා, 09 අගෝස්තු 2021 11:51

    Latest News