කේරළ ප්‍රාන්තයෙන් නව ආසාදිතයින්ගේ ඉහළ යාමක්....

අගෝ 02, 2021

    ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ පසුගිය සති අන්තය පුරාවටම වසා දැමීමේ සීමාවන් පනවා තිබිණ.

    ඒ, දෛනිකව වාර්තා වන නව ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කිරීම හේතුවෙන්. ඊයේ දිනයේදී එම ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 20,728ක් හා මරණ 56ක් වාර්තා විය. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව යම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අවස්ථාවක හින්දු බැතිමතුන් විශාල පිරිසක් වරනාසි නගරයට එක්රැස්ව සිටී.

    පූජා කටයුතු කිරීම සඳහා ගංගා නම් නදිය බලා පැමිණෙන බැතිමතුන් කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නොපිලිපදින බව, විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. වරනාසි නගරය සඳහා පනවා ඇති වසා දැමීමේ සීමාවන් නොතකා බැතිමතුන් එම ප්‍රදේශයට ඇතුළුවන බව, සෞඛ්‍ය බලධාරීන් පවසයි.

    Latest News