පිලිපීනය දැඩි වසා දැමීමේ සීමාවන් ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි

අගෝ 02, 2021

    පිලිපීනය දැඩි වසා දැමීමේ සීමාවන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

    ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය නිසා එරට රෝහල් ධාරිතාව ද ඉක්මවා යමින් පවතී. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මෙම ව්‍යාප්තියට ප්‍රධාන ලෙස හේතුවී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    මැනිලා අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක රෝහල් ඉහළ යන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව හේතුවෙන් දැඩි අර්බුදකාරි තත්වයකට මුහුණ පා සිටින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි. ඒ අනුව, රට පුරා දැනට ක්‍රියාත්මක වන රාත්‍රී ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.

    මැනිලා අගනුවර සඳහා අගෝස්තු 06 වැනිදා සිට සති දෙකක කාලයක් සඳහා වසා දැමීමේ සීමාවන් පැනවීමට ද එරට රජය කටයුතු කර තිබේ. දෛනිකව පසුගිය සතියේ සිට කොරෝනා ආසාදිතයින් 8,000 සීමාව ඉක්මවා වාර්තා වී තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News