කන්දහාර් ගුවන් තොටුපලට රොකට් ප්‍රහාර....

අගෝ 01, 2021

    ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ගුවන් තොටුපලට දැවැන්ත රොකට් ප්‍රහාර තුනක් එල්ල වී තිබේ.

    ප්‍රහාරය සිදුකර ඇත්තේ, තලෙයිබාන් සංවිධානයයි. කන්දහාර් සැලකෙන්නේ ඇෆ්ගනිස්ථානයේ දෙවන විශාලතම නගරය ලෙසයි. මේ වනවිට ලෂ්කාර් ගා සහ කන්දහාර් නගර තලෙයිබාන් සටන් කාමීන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා ඇෆ්ගනිස්ථාන හමුදා මහත් පරිශ්‍රමයක් දරමින් සිටී.

    අමෙරිකානු නේටෝ ප්‍රමුඛ විදේශ හමුදා ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටි හමුදා භට පිරිස් ඉවත් කරගැනීමත් සමඟ රට තුළ තලෙයිබාන් සටන්කාමීන්ගේ ක්‍රියාකාරමක් සීඝ්‍ර ලෙස ඉහළ ගියේය.

    මේ වනවිට ඇෆ්ගනිස්ථානයෙන් විශාල භූමි ප්‍රමාණයක් නතු කරගැනීමට තලෙයිබාන් සංවිධානයට හැකි වී තිබේ. එම ප්‍රදේශ මුදා ගැනීමට ඇෆ්ගනිස්ථාන හමුදා ගෙන යන මෙහෙයුම් අද එල්ල වූ රොකට් ප්‍රහාරත් සමඟ මුළුමණින්ම ඇන හිට ඇති බව වාර්තාවේ.

    කෙසේ වුවද රොකට් ප්‍රහාරවලින් සිදු වූ ජිවිත හානි කිසිවක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.

    Latest News