ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක්

අගෝ 01, 2021

    ජපානයේ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,744ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙය එරට අඛණ්ඩව දෛනික ආසාදිතයන් දස දහසේ සීමාව ඉක්මවූ හතරවැනි අවස්ථාවයි. ඉකුත් පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 11ක්. මේ අනුව, එරට සමස්ත මරණ සංඛ්‍යාව 15,184 දක්වා ඉහළ ගොස් තිබේ.

    අගෝස්තු මැද භාගය වනවිට ටෝකියෝ නගරයේ පමණක් රෝගීන් සංඛ්‍යාව 5,000 දක්වා වර්ධනය විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. අගෝස්තු අග වනවිට එය දස දහස දක්වා වර්ධනය විය හැක. රෝගීන්ගේ සීඝ්‍ර වර්ධනයත් සමඟ රෝහල් පහසුකම් ධාරිතාව පහළ ගොස් තිබේ.

    රෝගීන්ට නිවෙස් තුළම සිට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවනු ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News