බටහිර ග්‍රීසියේ ලැව්ගින්න මුහුදු තීරය දක්වා.....

අගෝ 01, 2021

    බටහිර ග්‍රීසියේ පැලපනීස් ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇති වූ ලැව්ගින්න එම ප්‍රදේශයේ මුහුදු තීරය දක්වා ව්‍යාප්ත වී ඇති බව, එරට මාධ්‍ය වාර්තා කරයි.

    ග්‍රීසියේ තෙවැනි විශාලම නගරය වන ඇතැන්ස් නගරය හා පැට්‍රාස් ප්‍රදේශය සම්බන්ධ වන අධිවේගී මාර්ගය හරහා ගින්න පැතිර ගොස් තිබේ. ගම්මාන හා වෙරළබඩ නගර කිහිපයක ජනතාව එම ස්ථානවලින් ඉවත් කෙරිණ. ගිනිනිවන යාත්‍රා හා හෙලිකොප්ටර් යානා මගින් ගින්න පාලනයට පියවර ගැනුණු අතර, පැතිර යන දුමාරය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇති 5ක් රෝහල් ගත‍ කෙරිණ.

    ඉදිරි සතියේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යා හැකි අතර, ඒ තුළින් ලැව් ගිනි ව්‍යාප්තවීමේ අවදානම ඉහළ යන බව බලධාරීන් අනතුරු අඟවයි.

    Latest News