“ෂැන්සි” ලක්ෂණ සහිත සංස්කෘතිය ඉස්මතු කෙරෙන චීනයේ බයිලුයුවාන් චිත්‍රපට හා රූපවාහිනී නගරය

මැයි 16, 2021

    “ෂැන්සි” ලක්ෂණ සහිත සංස්කෘතිය ඉස්මතු කෙරෙන චීනයේ බයිලුයුවාන් චිත්‍රපට හා රූපවාහිනී නගරය වසර පන් දහසකට වැඩි චීන ඉතිහාසය තුළ සෑම ස්ථානයකම ඊට ආවේණික සංස්කෘතික ලක්ෂණ දක්නට ලැබේ.

    “ෂියාන්” යනු වයඹ දිග චීනයේ “ෂැන්සි” පළාතේ පිහිටි එවන් විස්මිත නගරයකි. බටහිර ෂෝ රාජවංශයේ සිට බටහිර හැන් රාජවංශය දක්වාත්, සූයි සහ ථං රාජවංශවල සිට මිං සහ චිං රාජවංශ දක්වාත්, මෙහි චීන ඉතිහාසයේ දීර්ඝ තම ශිෂ්ටාචාරය ප්‍රකාශ කරයි.

    ෂැන්සි පළාත වෙත පැමිණෙන සෑම සංචාරකයෙක්ම ලෝකප් ප්‍රසිද්ධ ටෙරාකොටා සොහොන් බිම නැරඹීමට මෙන්ම ෂියාන් වීථි ආහාර රස විඳීමට ද අමතක නොකරයි. බයිලුයුවාන් චිත්‍රපට හා රූපවාහිනී නගරය(Bailuyuan Film and Television City) ෂැන්සි ලක්ෂණ සහිත සංස්කෘතිය ඉස්මතු කෙරෙන තවත් සංචාරක ගමනානාන්තයකි.

    Chh px 900 16 05 21

    බයිලුයුවාන් චිත්‍රපට හා රූපවාහිනී නගරය පිහිටා ඇත්තේ ෂැන්සි පළාතේ ගුවාන්ෂොං(Guanzhong) ප්‍රදේශයේය. “චිලිං” (Qinling) කඳු පිහිටා ඇත්තේ ඊට ගිනිකොණ දෙසිනි. කඳු සහ තැනිතලා සහිත සෞම්‍ය දේශගුණයක් පවතින මෙම ප්‍රදේශයට ඇතුළු වීමේදී දැනෙන්නේ ස්වාභාවික ඔක්සිජන් ප්‍රවාහයකට ඇතුළුවීම වැනි හැඟීමකි.

    සොබාදහම සමඟ හුස්ම ගැනීමට පමණක් නොව, මානව ඉතිහාසයේ දීර්ඝ ඉතිහාසය ගැනද එහිදී අවබෝධයක් ලැබිය හැකිය. සුන්දර පරිසරයේ දර්ශන නරඹමින් කන්දතරණය කිරීම සඳහා මෙහි දීර්ඝ විදුලි සෝපානයක් යොදවා ඇති අතර එහි දිග මීටර් 155 කි. වයඹ දිග චීනයේ දිගම විදුලි සෝපානය වන මෙහි එසවුම් උසමීටර් 77.5 කි. ඉහළට නැගුණු විට, ඉපැරණි ෂැන්සි ග්‍රාමීය සංස්කෘතික ලක්ෂණ සහිත බයිලුයුවාන් ගම්මානය දැකිය හැකිය.

    Hees px 900 16 05 21

    "සුදුමුවන්තැනිතලාව" යන අර්ථය ඇති බයිලුයුවාන් චිත්‍රපටය රූ ගත කර ඇත්තේ මෙහිය. චෙන් චොංෂිගේ (Chen Zhongshi) නව කතාවක් ඇසුරින් එය නිර්මාණය කර තිබේ. චෙන්චොංෂි ජීවත් වූ නිවස ද ඒ අසල නැරඹිය හැකිය. චිත්‍රපටය සඳහා යොදා ගත් ඉපැරණි භාණ්ඩ රැසක් එම ගම්මානය තුළ සංරක්ෂණය කර ඇත.

    චීනයේ මිං හා චිං රජ පෙළපත් යුගයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා මෙය කදිම ස්ථානයකි. බයිලුයුවාන් ගම්මානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් සඳහා එහි ඉහළ මට්ටමේ පහසුකම් සපයා තිබේ.

     

    මෝතිලාල් හිස්සැල්ල - රූපවාහිනි වාර්තාකරු (චීනයේ ෂියෑන් නුවර සිට)

     

    Last modified on ඉරිදා, 16 මැයි 2021 18:58

    Latest News