ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුදය තවදුරටත්.....

මැයි 16, 2021

    ඊශ්‍රායලය හා පලස්තීනය අතර අර්බුදය තවදුරටත් උත්සන්න වී තිබේ.

    ගාසා තීරයේ අල් ජසීරා ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ඊශ්‍රායලය ඊයේ ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ඊශ්‍රායලය ඊට පැයකට පමණ පෙර අනතුරු ඇඟවීමක් කරමින් දැනුම් දී ඇත්තේ එම ගොඩනැගිල්ලෙන් වහාම ඉවත්වන ලෙසයි. පසුව ඔවුන් එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශකර දැමූ අතර එහිදී සිදුවූ ජිවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත වාර්තා ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ප්‍රධානියාගේ නිවසට අද උදෑසන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉස්ලාමීය කණ්ඩායම් විසින් ටෙල් අවිව් වෙත රොකට් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තාවේ.

    එහිදී දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ගැටුම්වලින් සදුදා සිට අද දක්වා පලස්තීනයේ ළමයින් 41ක් ඇතුළු පුද්ගලයින් 148 පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍යවල සඳහන්. ඊශ්‍රායලයේ මියගොස් ඇති පිරිස දස දෙනෙක්.

    Latest News