වසර 60කින් පසු පක්ෂ නායකත්වය කස්ත්‍රෝ පවුලෙන් ඉවතට

අප්‍රේ 20, 2021

    කියුබානු කමියුනිස්ට් පක්ෂයට නව නායකයෙක් තෝරාපත් කර ගෙන තිබේ. එම පක්ෂයේ නායකත්වය කස්ත්‍රෝ පවුලෙන් ඉවත් වන්නේ වසර 60ටක පසුවයි.

    කියුබානු කමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක, රාවුල් කස්ත්‍රෝ පසුගිය සිකුරාදා පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

    ඉන් අනතුරුව පැවති පක්ෂ සම්මේලයේ දී නව නායකයා වශයෙන් වත්මන් කියුබානු ජනාධිපති මිගුවෙල් ඩයස් කැනල් තෝරාපත් කර ගෙන තිබේ.

    1959 කියුබානු විප්ලවයෙන් පසුව එරට නායකයා ලෙස අසහාය නායක ෆිදෙල් කස්ත්‍රෝ පත්විය.

    ඔහු ජනාධිපති ධුරයෙන් සමුගැනීමත් සමග ඔහුගේ බාල සොහොයුරු රාවුල් කස්ත්‍රෝ ජනාධිපති ධුරයට පත් වූ අතර, ඉන් අනතුරුව එරට කමියුනිස්ට් පක්ෂ නායකත්වයට තෝරා ගැනිණ.

    රාවුල් කස්ත්‍රෝ විසින් පක්ෂ නායකත්වය නාමිකව ලබා දී ඇතැයි, ඇතැම් විදෙස් මාධ්‍ය චෝදනා කළේය.

    එහෙත් විදෙස් විශ්ලේෂකයින් පවසන්නේ, නව නායකයාට පක්ෂයේ බලතල නිසි පරිදි ලබා දී ඇති බවයි.

    Last modified on අඟහරුවාදා, 20 අප්‍රේල් 2021 10:31

    Latest News