අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි 13 ලක්‍ෂ 83,000 ඉක්මවයි

අප්‍රේ 04, 2021

    අමෙරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි 13 ලක්‍ෂ 83,000 ඉක්මවා ගොස් තිබේ.

    එය ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි. දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වුවද, අමෙරිකාවේ කොවිඩ් ව්‍යාප්තිය අඛණ්ඩව ඉහළ යන බව සෞඛ්‍ය අංශ පවසයි. එරට කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව පන් ලක්‍ෂ 60,000 ඉක්මවා තිබේ. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 66,154ක් හඳුනා ගැණින. එම කාලසීමාවේ එරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 807ක්.

    Latest News