ප්‍රංශයේ කොවිඩ් ඉහළ යාම හේතුවෙන් නැවතත් පාසල් වසයි

අප්‍රේ 01, 2021

    ප්‍රංශය තුළ කොරෝනා වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් එරට පාසල් නැවතත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

    නැවතත් දුරස්ථ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අන්තර්ජාල හා වෙනත් පහසුකම් මගින් අධ්‍යනය කටයුතු සිදු කරන ලෙසට ජනාධිපති එමානුවෙල් නිවේදනය කරනවා. නැගී එන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ට එරෙහිව සටන් කිරීම සඳහා නැවත ජාතික සීමා කිරීම් රැසක් ඒ රට තුළ ක්‍රියාත්මක කෙරෙනවා. එහි එක් කොටසක් ලෙස ප්‍රංශයේ පාසල් අවම වශයෙන් සති තුනක කාලයක් වසා තබන බව ජනාධිපතිවරයා පවසනවා. පසුගිය මස මුල සිට ප්‍රදේශ කිහිපයක පමණක් ක්‍රියාත්මක වන අගුලු දැමීමේ හා සීමා කිරීමේ පියවර වෙනත් දිස්ත්‍රික්ක හා ප්‍රදේශවල ද ව්‍යාප්ත කිරීමට රජය සූදානම් වනවා. සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළඳසැල සෙනසුරාදා සිට වසා දැමිය යුතු අතර නිවෙසේ සිට කිලෝමීටර දහයකට වඩා දුර ගමන් කරන පුද්ගලයන් විශේෂ අවශ්‍යතා උදෙසා ගමන බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

    Latest News