ජපානයට වේලාසනම චෙරි මල්

මාර් 31, 2021

    ජපානයේ චෙරි මල් එහි නියමිත කාලයට පෙර පිපී තිබේ. මෙය ක්‍රිස්තු වර්ෂ 812න් පසු චෙරි මල් කලින් හට ගැනුණු පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.

    සාම්ප්‍රදායිකව ජපානයේ වසන්තය සංකේතවත් කෙරෙන පුෂ්පයක් ලෙස චෙරි මල් නොහොත් සකුරා සැලකෙයි. ජපානයේ සකුරා මල්වල ඉතිහාසය වසර 1200කට වඩා ඉපැරණියි.

    මෙවර සකුරා මල් කියොතෝ නගරයේ මුලින්ම දර්ශනය වී ඇත්තේ,ඉකුත් 26 වැනි දිනයි.

    මීට පෙර වර්ෂ 1409යේ දී ද මාර්තු 27 වැනි දින සකුරා මල් පිපී තිබේ. මෙවර එම වාර්තාව ද අභිබවා යෑම විශේෂත්වයක්. කියොතෝ නගරයේ මේ දිනවල අසාමාන්‍ය උෂ්ණත්වයක් පවතියි.

    ඒ අනූව,පරිසර විද්‍යාඥයන් පවසන්නේ,මෙලෙස නියමිත කාලයට පෙර චෙරි මල් පිපීම දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් විය හැකි බවයි.

    එබැවින් වසන්තයේ අසිරිය විදින්නා සේම මිනිසාට තවදුරටත් පරිසරය පිළිබඳ සිතා බැලීමට මෙය තවත් එක් කදිම නිදසුනක් වෙයි.

    Last modified on බදාදා, 31 මාර්තු 2021 11:13

    Latest News