බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2,639ක්

මාර් 26, 2021

    ඉකුත් පැය 24 තුළ ගෝලීය වශයෙන් 6 ලක්‍ෂ 22,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබේ.

    ඉන් දෛනික වැඩිම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ බ්‍රසීලයෙන්. ලොව දෙවනුවට කොරෝනා වැඩිම ආසාදිතයන් වාර්තාවන බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි 23 ලක්‍ෂය ඉක්මවා ගොස් තිබේ.

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේද වාර්තාවීමත් සමඟ එහි මාරාන්තිකභාවය ද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි. බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 2,639ක්. මේ අතර, බ්‍රසීලයේ ඇතැම් රෝහල්වල කෘතිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් ඒවා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. රෝහල් තුළ ධාරිතාව ඉක්මවා යාම ඊට හේතුවයි.

    Latest News