නව ප්‍රභේද සමග කොරෝනා මරණ ඉහළට

මාර් 26, 2021

    ගතවූ පැය විසි 24 තුළ ගෝලීය වශයෙන් 621,000 ඉක්මවා කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.

    එම රටවල් අතර වැඩිම දෛනිකව කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ බ්‍රසීලයෙන්. ලොව දෙවනුවට වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වන බ්‍රසීලය තුළ සමස්ත ආසාදිතයන් 12,324,000ක් ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හට ගැනීමත් සමග ලොව දෛනික ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමට පටන් ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමක් සමග නව ප්‍රභේදය මාරාන්තික භාවයද ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඊයේ දිනයේදී පමණක් 2,639ක නව මරන වාර්තා වූ බ්‍රසීලයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යව 303,000 ඉක්මවා තිබෙනවා.

    Latest News