අමෙරිකාවේ වෙඩි තැබීමකින් 10ක් මරුට

මාර් 23, 2021

    අමෙරිකාවේ "කොලරාඩෝ" ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් 10 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව තිබේ.

    මියගිය පිරිසට පොලිස් නිලධාරියෙකු ද ඇතුලත්. වෙඩි තැබීම ඊ‍යේ සිදු වූයේ කොලරාඩෝ ප්‍රාන්තයේ අගනුවර වන "ඩෙන්වර්" නගරයට කිලෝ මීටර පනහක් පමණ දුරින් පිහිටි "බෝල්ඩර්" ප්‍රදේශයේ වෙළෙඳ සංකීර්ණයකදී.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වූ පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි. සිද්ධියත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකුට ද සැකකරු වෙඩි තබා තිබේ.

    එහිදී 51 හැවිරිදි "එරික් ටැලී" නමැති පොලිස් නිලධාරියා ජිවිතක්‍ෂයට පත්විය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි. ප්‍රදේශයේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගන්නා බව ඔවුන් අවධාරණය කරයි.

    Latest News