ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ‍්‍රායල අගමැතිවරයා අතර දුරකථන සාකච්ජාවක්

පෙබ 18, 2021

    ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඊශ‍්‍රායල අගමැතිවරයා අතර දුරකථන සාකච්ජාවක් පැවැත්වෙයි.

    දෙපාර්ශ්වයම එහිදී ද්විපාර්ශ්වික සබඳතා සහ කලාපීය කරුණු සාකච්ඡා කළහ. ජෝ බයිඩ්න් ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැත්වූ පළමු දුරකථන සාකච්ජාව මෙයයි.

    එදිනම ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා අතීතයේ තමා කළ ස්ථිර පොරොන්දුව ගැන බයිඩ්න් මහතා නෙතන්යාහුට පැහැදිලි කළ බවය.

    ආරක්ෂක සහයෝගිතාව ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි දෙරට අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව කී බයිඩ්න් මහතා සමහර අරාබි සහ ඉස්ලාමීය රටවල් සමඟ ඊශ්‍රායලය මෑතකදී සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ඇමරිකාව සහාය දෙන බව අවධාරණය කළේය.

    කලාපයට අදාළ අභියෝග රැසකට මුහුණ දීම සඳහා උපායමාර්ගික සහයෝගීතාව දිගටම පවත්වාගෙන යන බව දෙපාර්ශ්වයම කියා සිටියහ.

    Latest News