“ගෝලීය එන්නත් සැලැස්මක්”සකස් කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන්, G20 කණ්ඩායමට යෝජනාවක්

පෙබ 18, 2021

    COVID - 19 ට එරෙහිව “ගෝලීය එන්නත් සැලැස්මක්” සකස් කිරීම සඳහා හදිසි කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා G - 20 කණ්ඩායමට යෝජනා කරයි.

    බලය, විද්‍යාත්මක විශේෂඥතාව මෙන්ම නිෂ්පාදන හා මූල්ය මය හැකියාව ඇති සියල්ලන් එක්රැස් කිරීම සඳහා ලෝකයට හදිසි එන්නත් සැලැස්මක් අවශ්‍යම බව ඔහු ආරක්ෂක මණ්ඩලයේ විවෘත විවාදයකට එක්වෙමින් කියා සිටියේය.

    එවැනි ගෝලීය එන්නත් සැලැස්මක් සකස් කිරීමට, එය ක්‍රියාදාමය් කිරීමට හා මූල්‍යකරණය සම්බන්ධීකරණය කිරීමට ජී - 20 කණ්ඩායම හොඳින් ස්ථානගත වී ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටී.

    ගෝලීය එන්නත් ලබා දෙන සංවිධාන, වෙනත් අදාළ තාක්ෂණික සංවිධාන සහ ජාත්‍යාන්තර මූල්‍ය ආයතන, මෙම කාර්ය සාධක බලකායට ඇතුළත් විය යුතුය.

    එන්නත් සමානාත්මතාවය, මෙම තීරණාත්මක මොහොතේදී ගෝලීය ප්‍රජාව මුහුණ දෙන විශාලතම සදාචාරාත්මක පරීක්ෂණයයි.

    සෑම තැනකම සෑම කෙනෙකුටම හැකි ඉක්මනින් එන්නත ලබා දිය හැකි බවට සහතික විය යුතු යැයි ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවසීය.

    අඩු හා මධ්යම ආදායම් ලබන රටවලට එන්නත් ලබා ගැනීම හා බෙදා හැරීම සඳහා ඇති එකම ගෝලීය මෙවලමවූ COVAX පහසුකම නිර්මාණය කිරීමට හැකිවීම සතුටට කරුණකි.

    නමුත් COVAX සඳහා පූර්ණ ලෙස අරමුදල් අවශ්‍ය වේ.

    එබැවින් අපගේ උත්සහය තවදුරටත් පුළුල් කළයුතු බව ඇන්ටෝනියෝ ගූටරෙස් මහතා G - 20 කණ්ඩායමට යෝජනා කළේය.

    Latest News