චීන ආර්ථීකයේ ඉදිරි සංවර්ධනය ජගත් ප්‍රජාවේ ඇගයීමට

ජන 30, 2021

    චීන ජාතික සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලට අනුව 2020 වසරේ සිව්වන කාර්තුව තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5 කින් වැඩි විය.

    එමෙන්ම 2020 වසරේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 2.3කින් වර්ධනය වූ අතර එය ප්‍රථම වරට චීන යුආන් ටි‍්‍රලියනය සියය ඉක්මවා ගොස් ඇත.

    වසංගතයෙන් එල්ල වූ දැඩි බලපෑම් මධ්‍යයේ චීන ආර්ථීකය ළඟා කරගත් වර්ධනය ජගත් ප්‍රජාවේ ඇගයීමට ලක්ව ඇත.

    ලෝක ප්‍රමුඛ පෙළේ ණය රක්ෂණ සමාගමක් වන Euler Hermes සමූහයේ තක්සේරුවට අනුව, මේ වසරේ ලෝක ආර්ථීක සංවර්ධන අනුපාතය සියයට 4.6කි.

    එහෙත් ලෝකයේ දෙවන විශාලතම ආර්ථීක ඒකකය වන චීනයේ ආර්ථීක සංවර්ධන අනුපාතය සියයට 8.4කට ළඟ වනු ඇතැයි එම සමූහය තක්සේරු කර තිබේ.

    එක්සත් ජාතීන්ගේ වෙළඳම හා සංවර්ධන පිළිබඳ සම්මේලනය පසුගිය ජනවාරි මස නිකුත් කළ වාර්තාවට අනුව, 2020 වසරේ චීන අධි තාක්ෂණ කර්මාන්ත සංවර්ධන අනුපාතය සියයට 11ක් වන අතර විශේෂයෙන්ම තොරතුරු සංනිවේදන තාක්ෂණය හා ඖෂධ කර්මාන්තය වේගවත් සංවර්ධනයක් අත්කර ගෙන ඇත.

     

    Latest News