මැද පෙරදිග රටවල් COVID පාලන ක්‍රියා මාර්ග දැඩි කරයි

ජන 30, 2021

    එම රටවල් පසුගිය 27 සිට දැඩි ක්‍රියා මාර්ග ප්‍රකාශයට පත් ක‍ළ අතර, ඇතැම් රටවල් COVID - 19 එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරයි.

    ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින්, නව කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා 28 සිට 31වැනි දා දක්වා එරට හා ජෝර්දානය, ඊජිප්තුව අතර සියලු ගොඩබිම් වරාය වසා දමන බව ප්‍රකාශ කළේය.

    මේ වනවිට එරට මිලියන 2.8ක ජනතාව COVID - 19 එන්නත් ලබා ගෙන ඇත.

    සියලු අවන්හල් හා කෝපි හල් තුළදී ආහාරයට ගැනීම අත්හිටුවනු ඇති අතර, ඉදිරි සති 3ක් පුරා අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කරන බව බහරේන් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

     

    Latest News