2019 දී බ්‍රිතාන්‍යයේ ලොරි රථයක් තුළ තිබී හමුවූ මළ සිරුරු සම්බන්ධයෙන් 4 ක් අත්අඩංගුවට

ජන 24, 2021

    බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයේ ලොරි රථයක් තුළ තිබී හමුවූ මළ සිරුරු 39 ය සම්බන්ධයෙන් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වියට්නාම ජාතික සංක්‍රමනිකයින් 39 දෙනෙකුගේ සිරුරු මෙසේ සොයා ගැණුනා.

    2019 වසරේ ඔක්තෝම්බර් මාසයේ බ්‍රිතාන්‍යයේ එසෙක්ස් ප්‍රාන්තයට මෙම මළ සිරුරු සහිත ලොරි රථය පැමිණ ඇත්තේ බෙල්ජියමේ සිටයි.

    අවුරුදු 41 සහ 44 වයස් කාණ්ඩවල පසුවූ පුද්ගලයින් 02කුට වසර 20 ත් 27 ත් අතර සිර දඩුවම් නියම කර තිබෙනවා.

    24 හැවිරිදි අයෙකුට වසර 18 කත් 26 හැවිරිදි අයෙකුත් වසර 13 කුත් බැගින් සිර දඩුවම් හිමිවුණා.

    මෙම සිද්ධියට සම්බන්ධ තවත් තුන් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන සිරදඩුවම් නියම කළා.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවයි එසෙක්ස් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරන්නේ.

    Latest News