ලෝක සෞඛ්‍ය සංවිධානයේ 148 වන විධායක කමිටුව රැස්වේ

ජන 23, 2021

    බෝවන රෝග පිළිබඳ විශේෂඥ Anthony Fauci මහතා ප්‍රමුඛ ඇමරිකානු නියෝජිත කණ්ඩායම ලෝක සෞඛ්‍ය සංවිධානයේ 148 වන විධායක කමිටු රැස්වීමට දුරස්ථ ලෙස සහභාගි වෙති.

    Anthony Fauci මහතා ඊට එක්වූයේ එරට නව ජනාධිපතිවරයාගේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයා වශයෙනි.

    ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටක් වශයෙන් කොවිඩ් -19 වසංගතයට එරෙහිව “බහුපාර්ශ්වික ආකාරයකින්” දිගටම සටන් කරන බව ඔහු එම රැස්වීමේදී ප්‍රකාශ කළේය.

    සිය රාජ්‍ය සේවකයින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අතර සහයෝගිතාව නැවත ආරම්භ කොට, මෙම සංවිධානයට සිය මූල්‍ය වගකීම් ඉටු කිරීමට ද ඇමරිකාව සූදානමින් සිටින බව ඔහු කියා සිටියේය.

    මීට අමතරව, කොවිඩ් - 19 එන්නත්, ප්‍රතිකාර හා රෝග විනිශ්චය පිළිබඳ වැඩකටයුතු සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් මහතා අදාළ නියෝග අත්සන් කිරීමට සූදානම් බව ද Anthony Fauci මහතා සිය කතාවෙන් හෙළි කර තිබේ.

    Latest News