අනතුරට පත් බොයිං යානයේ කළුපෙට්ටි 2ක හමුවෙයි

ජන 11, 2021

    පසුගිය සෙනසුරාදා ඉන්දුනීසියාවේ දී අනතුරට පත් බොයිං 737 වර්ගයට අයත් යානයේ තොරතුරු සටහන් කළු පෙට්ටි දෙක ඇති ස්ථාන සොයාගෙන තිබේ.

    අද නාවික කිමිදුම්කරුවන් මගින් එම තාක්ෂණික උපකරණ ගොඩගැනීමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතියි.

    හැට දෙදෙනෙක්ගෙන් යුත් හා කාර්යමණ්ඩල මගීන් රැගත් ගුවන් යානය ඉන්දුනීසියාවේ ජකර්තා සිට ගුවන් ගමන් ආරම්භ වී සුළු මොහොතකින් මුහුදට කඩා වැටිණ.

    පුද්ගලයන් හා ගුවන් යානයේ සුන්බුන් තවමත් සෙවීම් කටයුතු සිදු කරනු ලබයි. අනතුරට හේතුව අනාවරණය කර ගැනීමට අවශ්‍ය දත්ත ඇතුලත් කළු පෙට්ටි දෙක ඇති ස්ථාන හඳුනාගැනීමෙන් අනතුරුව,ඒවා ගොඩගැනීමට මෙලෙස නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

    මෙමගින් සිද්ධිය සම්බන්ධයෙන් සියලු විස්තර ලබාගැනීමට හැකිවන බව ඉන්දුනීසියානු ප්‍රවාහන ආරක්ෂක කමිටු නිලධාරීන් ප්‍රකාශ කරයි.

    Last modified on සදුදා, 11 ජනවාරි 2021 11:07

    Latest News