රටවල් 18ක කොරෝනා මරණ නැහැ

ජන 09, 2021

    ගෝලීය ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙන්ම කොරෝන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ යමින් පවතියි. අද වන විට කොරෝනා මරණ ලක්ෂ තුන ඉක්මවූ එක් රටක්, ලක්ෂ දෙක ඉක්මවූ රටවල් 2ක් සහ මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ රටවල් 4ක් වාර්තා වී තිබේ.

    කොරෝනා මරණ 50,000 ඉක්මවූ රටවල් 10ක් වාර්තා වන අතර මරණ 25,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 16ක්. කොරෝනා මරණ 10,000 ඉක්මවූ රටවල් සංඛ්‍යාව 29ක්.

    රටවල් 84කින් කොරෝනා මරණ 1,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    කොරෝනා මරණ 10ට අඩුවෙන් වාර්තා වී ඇති රටවල් ගණන 21ක්. කොරෝනා කිසිඳු මරණයක් වාර්තා නොවු රටවල් අතරට රාජ්‍යයන් 18ක් ඇතුළත්.

    Last modified on සෙනසුරාදා, 09 ජනවාරි 2021 10:25

    Latest News