මැනන්ගාග්වාගේ මග ඇහිරෙයි

ජන 23, 2019

    ෙසිම්බාබ්වේ ජනාධිපති එමර්ෂන් මැනන්ගාග්වා තම යුරෝපා සංචාරය අතහැරදමා ආපසු පැමිණ තිබේ.

    සිය රටතුළ ඇතිවූ ප්‍රචණ්ඩකාරී විරෝධතා උත්සන්නවීම මීට හේතුවයි. ජනාධිපතිවරයා ලෝක ආර්ථික සංසදයට සහභාගීවීමට ස්විට්සර්ලන්තයේ සංචාරයක නිරතව සිටියා. එහිදී ඔහු සිම්බාබ්වේ සඳහා ආයෝජන රැගෙන ඒමට බලාපොරොත්තුව සිටි බවයි, වාර්තා වන්නේ.

    ජනාධිපතිවරයා ඉන්ධන මිල ඉහළ දැමීමට නිවේදනය කිරීමත් සමග සිම්බාබ්වේ ජනතාව විරෝධතාවල නිරත වුණා. මේ සඳහා එරට විපක්ෂය මූලිකත්වය ගෙන ක්‍රියාකර ඇති බවයි, වාර්තා වන්නේ.

     

    කැරලි

    Last modified on බදාදා, 23 ජනවාරි 2019 08:52

    Latest News