චීනය නිෂ්පාදනය කළ කොවිඩ් - 19 එන්නතට එරට රජයෙන් අනුමැතිය

දෙසැ 31, 2020

    චීනය ස්වයං ලෙස සංවර්ධනය කළ සිය ප්‍රථම කොවිඩ් - 19ට එරෙහි එන්නත කොන්දේසි සහිතව භාවිත කිරීම අනුමත කරයි.

    චීනයේ සිනෝෆාම් සමාගමට අනුබන්ධ චීන ජාතික ජෛව තාක්ෂණ සමූහයට අයත් බෙයිජිං ජෛව විද්‍යාත්මක නිශ්පාදන ආයතනය විසින් සංවර්ධනය කර ඇති එන්නත චීන ජාතික වෛද්‍ය නිශ්පාදන පරිපාලනය විසින් මෙලෙස කොන්දේසි සහිතව අනුමත කර තිබේ.

    එම එන්නතේ 3 වෙනි අදියරේ සායනික අන්තර් කාලීන ප්‍රථිපලවලට අනුව කොවිඩ් 19ට එ‍රෙහි එහි ශක්‍යතාව සියයට 79.34 කි.

    එම ප්‍රථිපල ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ චීන ජාතික වෛද්‍ය නිශ්පාදන පරිපාලනයේ ප්‍රමිති මට්ටම් හා ගැලපේ.

    එම එන්නත සියළු චීන ජාතිකයන්ට නොමිලේ ලබා දෙන බව චීන ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානී Zeng Yixin මහතා මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

     

    Latest News