රතු මුහුද ළඟ තොටුපොළ විවර වෙයි

ජන 22, 2019

    ඊශ්‍රායලය, නව අන්තර් ජාතික ගුවන්තොටුපොළක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙහි අරමුණයි.

    රතු මුහුද ආසන්න ප්‍රදේශයක මෙම ගුවන්තොටුපොළ විවෘත කෙරුණා. ඊට වැය වූ මුදල, අමෙරිකානු ඩොලර් මිලියන 500ක්. එමගින්, ටෙල් අවිච් ගුවන්තොටුපොළේ තදබදය අඩු වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. 2003 වසරේ මිය ගිය ඊශ්‍රායල අජඨාකාශගාමියෙකු වන රාමෝන් ගුවන්තොටුපොළේ වසරකට මගීන් මිලියන 2.5ක් හැසිරවිය හැකි බවයි, ඊශ්‍රායල් රජය පවසන්නේ.

    Latest News