පකිස්තානයේ බස් අනතුර 26කට මරු කැඳවයි

ජන 22, 2019

    පකිස්තානයේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.  බස් රථ්‍ය, ට්‍රක් රථයක් සමග ගැටී ගිනි ගැනීම අනතුරට හේතුවයි.

      අනතුරෙන් තවත් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.  මෙම අනතුර සිදු වූයේ ඊයේ රාත්‍රී පකිස්තානයේ,  බලුකිස්තාන් ප්‍රාන්තයේ දී.  බස් රථයෙහි මගීන් 40 දෙනෙක් පමණ ගමන් කර තිබේ.  අනතුරට හේතුව, මෙතෙක් ප්‍රකාශ වි නැහැ.  පකිස්ථානයේ මෙවැනි අනතුරු නිරන්තරව සිදුවේ.  දුර්වල මාර්ග පද්ධතිය, නිසි නඩත්තුවකින් තොරව රථවාහන හා රියදුරන්ගේ නොසැලකිල්ල ඊට හේතුවයි.

    Latest News