ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 15ක් මරුට

දෙසැ 19, 2020

    ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ගාස්නි පළාතේ සිදුවූ පිපිරීමකින් දරුවන් 15 දෙනකු මියගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.

    පොලිසිය පවසන්නේ ගිලාන් දිස්ත්‍රික්කයේ සිදුවූ මෙම පිපිරීමට හේතුව පැහැදිලි නැති බවයි.

    රික්ෂෝ රථයක පිටුපස බෝම්බයක් පුපුරාගිය බව නිලධාරීහු පවසති.

    එම ගම්මානයේ ආගමික උත්සවයක් පැවති බවත් නිවසක් ආසන්නයේ පිපිරීම සිදුව ඇති බවත් ඔවුහු පවසති.

    කෙසේවුවද ප්‍රදේශවාසීන් පවසන්නේ ළමුන් පිරිසක් යම් දෙයක් වෙළෙන්දෙකුට විකිණීමට සූදානම් වන අවස්ථාවේ එය පුපුරා ගිය බවයි.

    මෙම පිපිරීම අහම්බෙන් සිදුවූවක් බව තලේබාන් සංවිධානය ද ප්‍රකාශ කර ඇත.

     

    Latest News