අමෙරිකා රාජ්‍ය ලේකම්වරයාත් නිරෝධායනයට

දෙසැ 18, 2020

    නව කොරොනා ආසාදිත පුද්ගලයින් සමඟ සම්බන්ධවීම හේතුවෙන් අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ස්වයං නිරෝධායනයට ලක් කෙ‍රේ.

    අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (16) පැවසුවේ, ඇමරිකා රාජ්‍ය ලේකම් Mike Pompeo මහතා සමඟ සම්බන්ධවී ඇති පුද්ගලයින් ගේ නව කොරොනා වෛරස් පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මකවී ඇති බවයි.

    එබැවින් Mike Pompeo මහතා නිරෝධායනය වෙමින් සිටී.

    අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය 15වැනිදා සාදයක් පැවැත්වීය.

    Mike Pompeo මහතා එම සාදයේ දී කතාවක් කිරීමට නියමිතව තිබූ නමුත් පසුව එය අවලංගු කෙරිණ.

    අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව වසංගත කාලය තුළ උත්සව සාදයක් පැවැත්වීම පිළිබඳව, ඇතැම් රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීහූ සහ වෘත්තිකයෝ මීට පෙර සැක සහ විවේචන පළ කළහ.

     

    Latest News