ඉන්දියාව ජනවාරියේ කොරෝනා ඒන්නත ක්‍රියාවට නංවයි

දෙසැ 18, 2020

    කොරෝනා වයිරසයෙන් වැළැකීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය 2021 වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.

    ඔවුන් පවසන්නේ හදිසි භාවිතය සඳහා මේ වනවිටත් යෝජනා වී ඇති එන්නත් කිහිපයක් සඳහා අවසරය ඉදිරි සතිවලදී ලැබෙනු ඇති බවයි.

    ඖෂධ සමාගම් දෙකක එන්නත්, සලකා බැලීම සඳහා ඉදිරිපත් වී ඇති අතර තවත් එන්නත් හයක් විවිධ සායනික පරීක්ෂණ අවධි වල පසුවෙයි.

    ඇස්ට්‍රාසෙනිකා සමාගම සහ ඉන්දියාව එක්ව නිපදවනු ලැබූ "කොවිශීල්ඩ්" එන්නත සහ බාරත් බයෝටෙක් සමගම, ඉන්දීයානු වෛද්‍ය පර්යේෂණ ආයතනය හා එක්ව නිපදවූ "කොවැක්සීන්" එන්නත මෙලෙස අවසර ලබාගැනීම සඳහා ඉදිරිපත් වී තිබේ.

     

    Latest News