ප්‍රංශ ජනාධිපතිට කොරෝනා ආසාදනය වේ

දෙසැ 18, 2020

    ප්‍රංශ ජනාධිපති Emmanuel Macron මහතාට කොරොනා වෛරසය ආසාදනයවී ඇතැයි, ප්‍රංශ ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.

    ඇතැම් මූලික රෝගී ලක්ෂණ මතු වීම හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා මීට පෙර පරීක්ෂණයට ලක් වූ බව ද පැවසේ.

    අදාළ නිරෝධායන නියමයන්ට අනුව ප්‍රංශ ජනාධිපතිවරයා දින හතක හුදෙකලාව ආරම්භ කරනු ඇත.

    ඒ අතර තුර දුරස්ථ ආකාරයෙන් සිය රාජකාරී කටයුතු සිදු කරමින් අදාළ ක්‍රියාකාරකම් වලට හෙතෙම එක්වනු ඇතැයි ද ප්‍රකාශ කර තිබේ.

    Latest News