නිව්යෝර්ක් නගරය සම්පූර්ණයන් වසා දැමීට තීරණයක්

දෙසැ 18, 2020

    ඉදිරියේ දී නිව්යෝර්ක් නගරය පූර්ණ අගුලු දැමීමකට සිදුවන බව නිව්යෝර්ක් නගරාධිපතිවරයා පවසයි.

    නව කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම හා රෝහල් ගත කිරීම් වැඩිවීම ඊට හේතුවී ඇත.

    වත්මන් තත්ත්වය යටතේ විශාල හානියක් සිදුවීමට පෙර ඉදිරි සති කිහිපය තුළ පූර්ණ අගුලු දැමීමකට සිදු වනු ඇතැයි ‍හෙතෙම සඳහන් කළේ සී.එන්.එන් රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

    සඳුදා දිනය වනවිට නිව්යෝර්ක් ජනපදයේ කොවිඩ් ආසාදිතයෝ 5712 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති.

    මේ අතර ෆයිසර් එන්නත ප්‍රථමයෙන් ලබාදීම සඳුදා දිනයේදී ආරම්භ කෙරුණේ නිව්යෝර්ක් ජනපදයෙනි.

    එම එන්නත කොව්ඩ් - 19ට එරෙහි සටන ජය ගැනීමේ අවිය බවට පත්වනු ඇතැයි විශ්වාස කරන බව නිව්යෝර්ක් ජනපද ආණ්ඩුකාරවරයා කියා සිටී.

    Last modified on සිකුරාදා, 18 දෙසැම්බර් 2020 14:54

    Latest News