න්‍යෂ්ටික ගිවිසුමේ ප්‍රතිඥා යළි අනුගමනය කිරීමට ඉරාන ජනාධිපතිවරයා කැමැති වෙයි

දෙසැ 17, 2020

    කොන්දේසි කිහිපයක් යටතේ න්‍යෂ්ටික ගිවිසුමේ ප්‍රතිඥා යළි අනුගමනය කිරීමට ඉරාන ජනාධිපතිවරයා කැමැත්ත පළ කරයි.

    ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධ සමස්ත ගිවිසුමට අත්සන් තැබූ සෙසු පාර්ශ්ව සිය ප්‍රතිඥා අනුගමනය කරන්නේ නම් ඉරානය එම ගිවිසුමේ ප්‍රතිඥා අනුගමනය කිරීමට කැමති බව ඉරාන ජනාධිපති Hassan Rouhani මහතා පසුගියදා ප්‍රකාශ ක‍ළේය.

    ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේ අදාළ ප්‍රතිඥා අනුගමනය කරන ලෙස, ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී සිටින Joe Biden මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මීළඟ ඇමරිකානු රජයෙන් Hassan Rouhani මහතා ඉල්ලා සිටී.

    2015 වසරේ ජූලි මාසයේ ඉරානය, ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව, චීනය හා ජර්මනිය එක්ව ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධ සමස්ත ගිවිසුමට පැමිණ ඇත.

    ඒ අනුව සිය න්‍යෂ්ටික සැලැස්ම සීමා කරන බව ඉරානය ප්‍රතිඥා දුන්නේය.

    ඉරානය වෙත පැනවූ සම්බාධක ජගත් ප්‍රජාව ඉවත් කර ඇත.

    එහෙත් 2018 වසරේ මැයි මස ඇමරිකානු රජය එකපාර්ශ්විකව එම ගිවිසුමෙන් ඉවත් විය.

    එමෙන්ම ඉරානය වෙත අලුතින් සම්බාධක රැසක් ද පනවා ඇත.

    Latest News