වෙනිසියුලා මහ මැතිවරණයෙන් නිකොලොස් මධුරෝ ජය ගනී

දෙසැ 08, 2020

    වෙනිසියුලා මහ මැතිවරණයෙන් ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ හිතවාදී කණ්ඩායම් ජයග්‍රහණය කර තිබෙනවා.

    මෙවර මහ මැතිවරණය වර්ජනය කිරීමට විපක්ෂ කණ්ඩායම් කටයුතු කළා.

    දැනට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵල වලට අනුව මධුරෝට සහාය දක්වන දේශපාලන කණ්ඩායම පැහැදිලි ජයක් ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    ඒ අනුව ඉදිරි ආණ්ඩුව පිහිටුවීමට ඔවුනට බාධාවක් වන්නේ නැහැ.

    මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵල අනුව සියයට හැටහතයි දශම හයකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මධුරෝ හිතවාදී දේශපාලන කණ්ඩායම ජයග්‍රහණය ලබා තිබෙනවා.

     

    Latest News