මැද පෙරදිග වසංගත තත්ත්වය උග්‍ර අතට

දෙසැ 01, 2020

    මැද පෙරදිග කලාපයේ වසංගත තත්ත්වය තවත් උග්‍ර වේ.

    පසුගිය පැය 24 තුළ පලස්තීනයේ අලුතෙන් කොරොනා රෝගීන් 1461දෙනෙක් වාර්තා වූ අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 94,861ක් දක්වා ඉහළ ගිය බව එරට සෞඛ්‍ය අංශය පසුගියදා ප්‍රකාශ කළේය.

    එම දිනයේ ටියුනිසියාවෙන් අලුත් කොරොනා රෝගීන් 1210දෙනෙක් වාර්තා වන අතර, සමස්ත රෝගීන් සංඛ්‍යාව 94,980කි.

    වසංගතය හේතුවෙන් මෙම වසරේ මුල් මාස නවය තුළ එරට ගුවන් සේවා කර්මාන්තයේ ආදායම සියයට 67කින් පහළ ගොස් ඇති බව ද වාර්තා වේ.

    Latest News