ජර්මනියේ සීමා ලිහිල්වන ලකුණු

දෙසැ 03, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ජර්මනිය තුළ පනවා ඇති සීමාකිරීම් ලබන ජනවාරි මස දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    රාජ්‍ය නායකයින් සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව ජර්මානු චාන්සලර්වරිය වන ඇන්ජෙලා මර්කෙල් මේ බව ප්‍රකාශ කර සිටි‍යාය. වෛරසය මැඩපැවැත්වීම සඳහා මේ වන විට හෝටල් හා අවන්හල් වසා දැමීමට කටයුතු කර තිබේ.

    එමෙන්ම මහජන කටයුතුවලදී ජනතාව එක්රැස්වීම සඳහා සීමාවන් පනවා තිබේ. මෙම සියලු සීමාවන් දෙසැම්බර් මස 20 වැනි දිනෙන් අවසන්වීමට නියමිතව තිබෙන අතර, එම සීමාවන් අවසන්වීමට පෙර බලධාරීන් විසින් නැවත සීමාවන් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

    ජර්මනිය තුළ මේ වන විට ආසාදිතයින් 11 ලක්ෂ 5,000 ඉක්මවා ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 දෙසැම්බර් 2020 09:53

    Latest News