චීනය සහ ජපානය වැදගත් සම්මුතීන් පහක් පිළිබඳ අවධානය යොමු කරයි

නොවැ 25, 2020

    චීනය සහ ජපානය වැදගත් සම්මුතීන් පහක් කරා ළඟා වෙයි.

    චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වාං යී මහතා ඊයේ (24 ) පැවසුවේ තම ජපාන සංචාරයේදී එරට විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි මහතා සමඟ චීන-ජපාන සබඳතා සහ පොදුවේ සැලකිල්ල දක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව අවංකව හා ගැඹුරින් අදහස් හුවමාරු කර ගනිමින් වැදගත් සම්මුතීන් පහකට එළඹුණු බවයි.

    අන්‍යෝන්‍ය සහයෝගීතා හවුල්කරුවන් වී එකිනෙකාට තර්ජන එල්ල නොකර අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි කර නව යුගයේ අවශ්‍යතා සපුරාලන චීන - ජපාන සබඳතා ගොඩනඟා ගැනීම,වසංගතයට එරෙහිව සටන් කර කාලෝචිත ආකාරයකින් තොරතුරු හුවමාරු කර ගනිමින් ඖෂධ සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් දෙපාර්ශ්වයම එක්ව වැඩ කිරීම,දෙරටේ ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් ලබන වසරේදී නියමිත වේලාවට චීනය සහ ජපානය අතර ඉහළ මට්ටමේ ආර්ථික සංවාදයක් පැවැත්වීම,කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම බලාත්මක කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කර චීන - ජපාන - දකුණු කොරියා නිදහස් වෙළඳ ගිවිසුම සහ කලාපීය සහයෝගීතාවයේ සාකච්ඡා සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම සහ ටෝකියෝ ඔලිම්පික් උළෙල හා බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයීමට එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, එම සම්මුතීන් පහ වේ.

    Latest News