ඉන්දීය රජය ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කරයි

නොවැ 25, 2020

    ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා.

    මෙම ජංගම දුරකතන යෙදවුම් චීනය නිශ්පාදනය කර ඇති බැවින් ඒවා තහනම් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ.

    ඉන්දියාවේ ස්වෛරීභාවයට හා අඛණ්ඩතාවට හානි සිදුවන බැවින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

    තහනම් කරන ලද ජංගම දුරකතන යෙදවුම් අතර අලි බාබා සමාගමට අයත් අලි එක්ස්ප්‍රෙස් යෙදවුමද පවතිනවා.

    මිට පෙරද ඉන්දීය රජය යෙදවුම් 170ක් පමණ තහනම් කළ අතර ඊට හේතුව ලෙස දක්වා තිබුණේ ජාතික ආරක්ෂාවට වැදගත් වන තොරතුරු එම යෙදවුම් හරහා විදෙස් රටවලට ලැබෙන බවයි.

    Latest News