අමෙරිකානුවන්ට දෙසැම්බර් 11 කොරෝනා එන්නත ලබාදේ

නොවැ 25, 2020

    කොරෝනා ප්‍රතිකාර සඳහා නිපදවා ඇති එන්නත පළමු අමෙරිකනුවාට දෙසැම්බර් 11 වනදා ලබාදෙන බව එරට "කොරෝනා එන්නත් වැඩසටහන" පවසයි.

    වෛද්‍ය මොන්සේෆ් සලෝයි පැවසුවේ "අපේ සැලසුම එන්නත අනුමත කළ පසු ප්‍රතිශක්තිකරණ කටයුතු සිදුකෙරෙන ස්ථානයට පැය 24ක් ඇතුළත ඒවා යැවීම," බවය.

    ඔහු මේ බව පැවසුවේ ඇමෙරිකාව තුළ කොරෝනා ආසාදිතයින් ඉතා බහුලව වාර්තා වන පසුබිමකය.

    මේ වනවිට එරටින් කොවිඩ් රෝගීන් මිලියන 12.3ක් හමුවී ඇති අතර වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 256,000 ඉක්මවා ඇත.

    එය ලොව යම් රටකින් වාර්තාවන වැඩිම කොවිඩ් ආසාදිතයින් සහ මරණ ගණන වේ.

    Latest News