ගෝලීය කෙරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

නොවැ 16, 2020

    ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ් - 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මියගිය ගණන ඊයේ (15) පස්වරු වනවිට 1,313,471 ක් ලෙස දැක්විණි.

    මේ වනවිට ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 54,001,750 ක් වන අතර, ඉන් 34,599,700 දෙනකු සුවය ලබා ඇත.

    ලොව රටවල් බොහෝමයක් නව කොරෝනා වයිරසයේ දෙවැනි හා තෙවැනි රැලිවලට මුහුණදී සිටින අතර පෙරට වඩා වේගයෙන් වයිරසය පැතිරෙමින් තිබෙන බව විශේෂඥයෝ අනතුරු අඟවති.

    සෙනසුරාදා (14) දිනයේදී පමණක් ගෝලීයව නව කොරෝනා වයිරස ආසාදිත මරණ 9,246 ක් වාර්තා වූ අතර එම පැය 24 දී වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන 607,998 ක් විය.

    නව වාර්තා අනුව අවසන් පැය 24 ක කාලයේදී වැඩිම වයිරස ආසාදිත මරණ වාර්තාවී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

    ඇමෙරිකාවෙන් අවසන් පැය 24 දී වයිරස ආසාදිත මරණ 1,351 ක්, බ්‍රසීලයෙන් වයිරස ආසාදිත මරණ 921 ක් සහ මෙක්සිකෝවෙන් වයිරස ආසාදිත මරණ 635 ක් වාර්තා විය.

    නව කොරෝනා වයිරසයෙන් තවමත් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

    ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 245,614 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 10,905,598 කි.

    ඇමෙරිකාවේ, වයිරසය ආසාදනය සුවය ලැබූ ගණන 4,148,444 කි.

    Latest News