ලොව විශාලතම වෙළද ගිවිසුමට ඔස්ට්‍රේලියාව අත්සන් තබයි

නොවැ 16, 2020

    ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර, එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊයේ (15) ඊට අත්සන් තැබීමට නියමිති.

    රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ.

    මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි.

    එපමණක් නොව ගිවිසුමට එක්වන රටවල ජනගහනය ගෝලීය ජනගහනයෙන් 30% කට හිමිකම් කියයි.

    ‌ගෝලීය වෙළෙඳ පද්ධතියට විශාල පීඩනයක් මේ වනවිට එල්ල වෙමින් තිබෙනවා.

    ඔස්ට්‍රේලියාවටත් මේ පීඩනය එල්ල වෙමින් තිබෙනවා” යැයි හෙතෙම කීය.

    ඔස්ට්‍රේලියාව, ජපානය, චීනය, දකුණු කොරියාව, නවසීලන්තය සහ ‘ආසියාන්’ සංවිධානයේ සාමාජිකයන් දස දෙනා මෙම ගිවිසුමේ පාර්ශවකරුවන් වනු ඇි.

    Latest News